
පවුල් ආර්ථික අපහසුකම් නිසා බව කියමින් බාල වයස්කාර සිසුන් තිදෙනකු රැකියා සොයා නිවෙස්වලින් පලාගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි. නිවෙස්වලින් පලාගොස් සිටින මෙම සිසුන් තිදෙනා අවුරුදු 14 15 යන වයස්වල පසුවන අතර වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබති. ඔවුන්ගේ මවුපියන් කම්කරුවන් ලෙස සේවය කරන අය බවද කියති.
ආර්ථීක අපහසුතාවලින් පෙළෙන නිසා රැකියාවක් සොයා යෑමට අවශ්‍ය බව එක් සිසුවකු නිවෙසින් පලා යෑමට දින කිහිපයකට කලින් ඔහුගේ කිරි අම්මා සමග පවසා ඇතැයි පොලිසිය කියයි. අනෙක් සිසුන් දෙදෙනා නිවෙස් වලින් පිටව ගොස් ඇත්තේ සංගීත සංදර්ශනයක් නැරඹීමට යන බව කියමින් යැයි පොලීසිය සඳහන් කරයි. රැකියාවක් සොයා යන බව පැවසූ බව කියන සිසුවා, මිතුරු සිසුන් දෙදෙනාද ඔවුන්ගේ නිවෙස්වලින් පිටමං කරගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි. එම බාල වයස්කාර සිසුන් දෙදෙනාද රැකියා සොයාගෙන යන්නට ඇති බවට පොලීසිය සැක කරයි. මෙම පාසල් සිසුන් තිදෙනා ඉකුත් 14 වැනිදා නිවෙස්වලින් පලාගොස් ඇති අතර, ඔවුන් ගැන තවම කිසිදු තොරතුරක් ලැබී නොමැති බව පොලීසිය කියයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval