
උස්බෙකිස්තාන ජාතික කාන්තාවකගේ ඇමෙරිකන් ඩොලර් දෙසීයක්, රුපියල් විසි දහසක්, පෞද්ගලික බැංකුවකින් ලබාගත් ඒ ටීඑම් කාඩ්පතක් සහ ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය සහිත අත්තෑගය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් පෙරේදා (23) සවස පැහැර ගෙන යනු ලැබ ඇතැයි වත්තල පොලිසිය පවසයි.
මෙම කාන්තාව ඇයගේ දියණිය සහ මිතුරියක සමග වත්තල ප්‍රදේශයේ අවන්හලකට ගොස් ආහාර ලබාගෙන පා ගමනින් පැමිණෙමින් සිටිය දී ඇවරිවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම අබෑගය කොල්ල කා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඇය අත්බැගය කොල්ලකා පලාගිය යතුරුපැදියේ අංකය ද පොලිසියට දී ඇත. වත්තල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් පුසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval