
තෙලිප්පලේ පිහිටි මානසික රෝහලකින් පලාගිය පුද්ගලයකු රෝහලේදී ඔහුව බලාකියා ගත් සාත්තු සේවකයකුට අලවංගුවකින් පහර දී පිහියකින් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි. මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 11 දා සවස මීසාලේ ප්‍රදේශයේදීය.
ආනකෝට්ටේ පදිංචිකරුවෙක් වන නාග සෙල්වම් (43) නමැති රෝහල් සාත්තු සේවකයා මෙසේ ඝාතනය වී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මානසික ආබාධිත පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මීසාලේ පදිංචි 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
මෙම සැකකරු කෙටි කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අයෙකි. ඔහුව එහිදී බලා කියාගෙන ඇතැයි පැවසෙන්නේ ඝාතනය වූ පුද්ගලයා විසිනි. පසුගිය දිනක ඔහු මානසික රෝහලින් පලාගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී මානසික රෝගියා විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval