
තංගල්ල ප්‍රදේශයේ පදිංචි මවකගේ දින 12ක් වයසැති බිලිඳිය මුදලට ලබාගත් බව කියන අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලිසිය කියයි. නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක තම බිලිඳිය ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකට ඉකුත්දා (12) හදාවඩා ගැනීමට දී ඇති අතර, පසුව ස්වාමිපුරුෂයාගේ බලකිරීම් මත දරුවා නැවත ඉල්ලා සිටියද හදා වඩා ගැනීමට ගත් යුවළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
දරුවා බිහිවන තෙක් වියහියදම් කළේ තමන් බවත්, දරුවා නැවත දිය නොහැකි බවත් එම යුවළ ප්‍රකාශ කිරීමෙන් පසුව මව ඒ බව සඳහන් කරමින් ඉකුත් 24 වැනි දින පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව විමර්ශන පවත්වා බිලිඳියගේ මව, දරුවා ලබාගත් යුවළ, බිලිඳියගේ ආච්චි අම්මා සහ තැරැව්කරුවකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි. මෙම 21 හැවිරිදි මව ගැබ් ගෙන මාසයකට පසුව ඇයගේ සැමියා ඇය අතහැර ගොස් ඇතැයි ද, ඒ අනුව ඇය මවගේ නිවසේ විසූ බව ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
සැමියා අතහැර ගිය නිසා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුවත්කර බිලිඳිය හදාවඩා ගැනීමට යුවළකට දී ඇතැයි ද, එම යුවළ බිලිඳිය ලැබෙන තෙක් වියහියදම් කර ඇතැයි ද පැවසේ.
එම යුවළ පොලිසියට පවසා ඇත්තේ බිලිඳිය හදාවඩා ගැනීමට බාරගත් අතර, මවට මුදල් දුන් බවය. සැකකරුවන් සහ බිලිඳිය මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
ඩී.ඒ. පතිරණ
Comments
Post a Comment
Your comment will be visible after approval