
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සහ අභිනව වර්ෂය සඳහා මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් 23 වැනි ඉරිදා නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අප්‍රේල් මස 12 වන බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන සිකුරාදා අපර භාග 02.59 ට අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 8 පසුවී විනාඩි 35 සිට එදින එනම් 14 වැනි සිකුරාදා අපරභාග 09 පසුවී විනාඩි 23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 2යි විනාඩි 35ට පළමුව ආහාර ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 2යි විනාඩි 59 සිට එමදා අපරභාග 09 පසුවී විනාඩි 23 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටුකිරීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපරභාග 03.29ට විචිත්‍ර වර්ණවත් වූ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 5 පසුවී විනාඩි 05 විචිත්‍ර පැහැති වර්ණ වූ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගැම
අප්‍රේල් මස 16 වන ඉරිදා පූර්වභාග 9 පසුවී විනාඩි 41 ට රතු කහ මිශ්‍ර තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුගපත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් හා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාම්
අප්‍රේල් මස 17 වැනි සඳුදා පූර්වභාග 06.28ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
Comments
Post a Comment
Your comment will be visible after approval