
ප්‍රදර්ශනය නොකර කෙටි ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙරට ශාඛා ජාල ලෙස ක්‍රියාත්මක වන හෝටල් සහ වෙළඳසැල් දහයකට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කල බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ .යු. රන්ජන පැවසීය
සිංහල අලුත් අවුරුද්දට සමගාමීව පාරිභෝගිකයන්ට මනා සේවයක් ලබාදීම සඳහා ඊයේ සහ පෙරේදා දින මෙම වැටලීම් කළ බව එම නිලධාරියා පැවසීය
කල් ඉකුත් වු භාණ්ඩ අලෙවි කිරීම සහ සටහන මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙන්ම සටහන් මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිළ ප්‍රදර්ශනය නොකර කෙටි ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් හෝටල් සහ වෙළඳසැල්වලට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කළ බව ඒ ඔහු පැවසීය
Comments
Post a Comment
Your comment will be visible after approval