
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩසටහනකට එක්වී මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය.
"මගේ වෘත්තිය ආරම්භ වුණේ 92දී. 97 ආන්දෝලනාත්මක නඩුවක් තිබුණා. මම උසාවියට යනකොට සිය ගානක් බෝඩ් අල්ලන් ඉන්නවා මේ සැක කරුවන්ට පෙනී ඉන්න එපැයි කියලා. නඩුව ඉවර වෙලා කෝට් එක මම ප්ලාස්ටික් බෑග් එකක දාගෙන මම ගියා.
2000දී මම සමහර සැකකරුවන් වෙනුවෙන් පෙනී හිටියා. ඒ වෙලාවේ එල්ටීටී එක මිසයිල වලින් පහර දෙනවා අපේ ගුවන් යානා වලට. ඒ වගේ තර්ජනයක් තියෙද්දී තමයි අපි සැකකරුවන් වෙනුවෙන් පෙනී හිටියේ. සමාජ මාධ්‍ය හරහා බොරු ප්‍රචාර යවලා, ඒවා වලින් අපි සැලෙන්නේ නැහැ.
මම දැක්කා එක යූ ටියුබ් එහෙක ඒකේ ටෲත් විත් කියලා කියන්නෙ, ඒක ටෲත් විත් නෙවෙයි, එක ලයිස් විත් කියලා වෙන්න ඕනේ,
සම්පූර්ණ අසත්‍ය පවසනවා. මම ඩුබායි ගියා කියලා කියනවා. මම අවුරුදු 15කට ඩුබායි ගිහින් නැහැ. මම සී.අයි.ඩී එකට විසිට් එකකට ලක්ෂ 10ක් ගන්නවා කියනවා. මම අවුරුදු 30කට සී.අයි.ඩී එකට ගිහින් නැහැ. එක සැකකාරයෙක්ගෙ නමක් කියලා ඒ සැකකාරයා මට ටෙලිෆෝන් එකෙන් කතා කරයි කිව්වා. මේ වගේ අසත්‍ය ප්‍රචාර කරමින් මේ මාධ්‍ය හසුරුවනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval