
මෙරට සංචාරයක් සඳහා පැමිණ මාතර ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි 26 හැවිරිදි රුසියන් ජාතික තරුණියකට ලිංගික අතවරයක් කර ඇය සතු රුපියල් 10,000ක මුදලක් රැගෙන පලාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මාතර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඇය නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට කිසිවකු ඉකුත් 31 වැනිදා අලුයම් කාලයේ හොර රහසේ ඇතුළු වී ඇයට ලිංගික අතවරයක් කර මෙම මුදල සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. ඇය ඒ පිළිබඳව මාතර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත. මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval