
හෙදියක සාදා දුන් කිරි තේ කෝප්පයක් පානය කිරීමෙන් පසු සිහිසුන් වූ බව පවසා මිද්දෙනිය තලාව රෝහලේ වෛද්‍යවරයකු තංගල්ල මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස රෝහල් ගතව ඇත්තේ එච්.එල්.ජයවීර නමැති 51 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ වෛද්‍යවරයෙකි. ඔහු ඉකුත් දා (6) රාත්‍රි රාජකාරි කටයුතු සඳහා රෝහලට පැමිණි බවත් රාත්‍රි 10ට පමණ රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියක කිරි තේ කෝප්පයක් සාදා දුන් බවත් එය පානය කිරීමෙන් පසු තමා නවාතැන් ගෙන සිටින නිල නිවසට ආ බවත් එහි දී තමා එක්වරම සිහිසුන්ව ගිය බවත් කියමින් වෛද්‍යවරයා පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.
ඔහු ඉකුත් 7 වැනිදා රාත්‍රි 9ට පමණ තංගල්ල මූලික රෝහලට ඇතුළත්ව ඇති අතර වෛද්‍යවරයාගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තංගල්ල මූලික රෝහලේ පොලිසිය සිද්ධිය ගැන මිද්දෙනිය පොලිසිය දැනුම්වත් කර තිබේ. කිරිතේ පානය කිරීමෙන් පසු වෛද්‍යවරයා සිහිසුන් වීමට හේතුව සොයා ගැනීමට තංගල්ල මූලික රෝහල පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි. තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි මිද්දෙනිය පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.
පී.බී. ගාර්දියවසම්
Comments
Post a Comment
Your comment will be visible after approval