
ඊයේ 28 වන දින අළුයම් කාලයේ මුලතිව් ප්‍ර දේශයේ නිවසකට පැන ඇති කොල්ල කල්ලියක් එම නිවසේ ගෙහිමියා මරා දමා පවුම් 12 ක පමණ වටිනා රන්භාණ්ඩ හා රුපියල් 50000 ක මුදල් කොල්ලකා පලා ගොස් තිබේ.
මුලතිව් පොලිස් වසමේ සිලාවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක් තුළදී මෙම සිදුවීම සිදුව තිබේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවසේ 65 හැවිරිදි ගෙහිමියා ඔහුගේ බිරිඳ හා ඥාති පුද්ගලයෙකුද රැඳී සිට ඇති අතර මොවුන් නිදා සිටියදී, අළුයම් කාලයේ පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසට ඇතුළු වී නිවැසියන්ට පහර දී, නිවසේ තිබූ පවුම් 12 ක පමණ රන් භාණ්ඩ හා මුදල් රුපියල් 50,000/- ක් කොල්ලකා පලාගොස් ඇති බවට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත. පහරදීම හේතුවෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.
අනතුරුව මුලතිව් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.
වයස අවුරුදු 65 ක් වූ මුලතිව්, සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි මියගිය අයගේ මෘත දේහය මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාර දී ඇත. සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval