
මිය ගොස් ඇත්තේ නාමල් වැව්, මිහින්තලේ, අසේන් ඉසුරු (24) නමැති තරුණයෙකි. අනතුරට ලක්වූ පැදියේ පිටු පසින් නැග ආ අනෙක් තරුණයන් දෙදෙනා බරපතළ ලෙස තුවාල ලැබූ හෙයින් මිහින්තලේ ප්‍රාදේශීය රෝහලටත් ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුළත් කරනු ලැබ සිටිති.
මෙම තිදෙනා අලුත් අවුරුද්ද උදා වූ 14 වැනිදා සවස 02.59වන තුරුම මිහින්තලේ, මහ කනදරා වැව් පිටියේ රැඳී සිට ඇත. නව වසර උදාවීමත් සමගම කඩි මුඩියේ එම යතුරු පැදියට නැගී මහ කනදරාව වැව් පිටියෙන්, මිහින්තලේ ප්‍රධාන මාවතට පිවිස ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. පැදි කරුගේ නිවස පෙනෙන ආසන්නයේ දීම සුනඛයකු පාර හරහාට පැන ඇති අතර සුනඛයාගේ ගැටුණු යතුරු පැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවත තිබූ කොහොඹ ගසක ගැටීමෙන් පැදිකරු බරපතළ ලෙස තුවාල ලබා ඇත.
පැදිකරු රෝහල්ගත කරන අවස්ථාවේදීම මිය ගොස් සිටි බව මිහින්තලේ පොලිසිය කියයි. පැදියේ පිටුපසින් පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද කියයි.
මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් රංජිත් ගුණසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
තලාව - උපුල් හේරත්
Comments
Post a Comment
Your comment will be visible after approval