
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් පහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, රුපියල් 4,743ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,738ක් වන බවය.
එමෙන්ම කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 402කින් පහත දමා තිබේ.
ඒ අනුව 1,904ක් ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1,502කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 183කින් පහත දැමෙන අතර රුපියල් 883ක්ව පැවති එහි නව මිල රුපියල් 700ක් වේ.
ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන්ට අනුව මෙම මිල අඩුකිරීම සිදුකළ බවද ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval