
කදාන කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගය ඉදිරිපිට පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් තුළ මියගොස් සිටි 47 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් 12 දින සොයාගත් බව කදාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කදාන පොලිස් වසමට අයත් ආනියකන්ද ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරණ පරීක්ෂණ කටයුතු වලදී හෙළිව ඇත.
මරණකරු සම්බාහන මධ්‍යස්ථානයෙන් සේවය(මසාජ්) ලබා ගැනීමට පැමිණ ඇති අතර සේවය ලබාගනිමින් සිටියේදිම මෙම අවසනාවන්ත සිදුවිමට මුහුණ දුන් බව බව සම්බාහන මධ්‍යස්ථානයේ කළමානාකරු ගෙන් ප්‍රශ්න කිරිමේදි අනාවරණය වු බව පොලිසිය පවසයි. මේ වන විට කදාන පොලිසිය අදාල සම්බාහන මධ්‍යස්ථානයේ එම අවස්තාවේ සේවයේ යෙදි සිටි තෙරපිවරියන් ඇතුලු සේවකයින් ගෙන් දිගින් දිගටම සිද්ධිය සම්බන්ධ යෙන් ප්‍රශ්න කරමින් සිටිති. මියගිය අඅයගේ මෘත ශරීරය පශ්චාත් හදිසි මරණ පරික්ෂණය සදහා රාගම ශික්ෂන රෝහලට ගෙන යාමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හේවාවිතාරණ මහතාගෙග උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒ.එමි.එස්.ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.
ජාඇල තිස්ස කොටින්කඩුව
Comments
Post a Comment
Your comment will be visible after approval