
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යයාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රටේ පවතින අධික රස්නය සහ විජලනය පිළිබඳව වෛද්‍යවරයෙකු මාධ්‍ය වෙත මෙසේ කරුණු පැහැදිලි කළේය.
"මේ දිනවල වෙනදාට වඩා වැඩියෙන් වතුර බීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මෙවැනි අධික රස්නය සහිත කාල වලදී වතුර ලීටර 3.7ත් 6ත් අතර ප්‍රමාණයක් ඒ ඒ පුද්ගලයාගේ ශරීරයේ බර සහ වයස අනුව අවශ්‍ය වෙනවා. දවල් වරුවේ සෑම පැයක් පැය භාගයකට පමණ ප්‍රමාණයක් වතුර ටික ටික බොන එක.
තිබහ නැති වෙනකම් ලීටරයක් විතර එක පාර බොන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි.
ඔබේ මුත්‍රාවල වෙනදාට වඩා පාට වැඩිනම් එයින් කියවෙන්නේ ජලය ප්‍රමාණය අඩුයි කියන එක. දැඩි හිරු රශ්මිය අවම කර ගන්න කටයුතු කරන්න ඕන. උදේ 10,11 සිට හවස 3,4 දක්වා කාල සීමාව තුළ එළියේ කටයුතු වලින් අවම කර ගන්නට පුළුවන් නම් වැඩිය හොඳයි. හිරු එළියේ රාජකාරි කරන්නට සිදුවෙන කණ්ඩායම් සිටිනවා. ආරක්ෂක අංශයෙ සිටින අය, ගොවිතැන් කටයුතු හේන් කටයුතු සහ ධීවර කර්මාන්තයේ යෙදෙන අය, ඔවුනුත් පිපාසය ඇති වෙනකම් බලා නොසිට හැම පැය භාගයකට වරක් හෝ වතුර ටික ටික බොන්න."
Comments
Post a Comment
Your comment will be visible after approval