
මොනරාගල, බිබිල අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරයකු සිසුවකුට ලබා දී තිබූ නිල් චිත්‍රපටයක් සහිත ජංගම දුරකථනයක් විදුහල්පතිවරයාට ඉකුත් දා හසුවී තිබේ.මෙම සිසුවා හත්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියි.
ජංගම දුරකථනය ලබාදී ඇත්තේ සිසුවා පස්වැනි ශ්‍රේණියේ සිටියදී පන්තිය භාරව සිට මේ වන විට වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලැබ සිටින මෙම ගුරුවරයාය.
ඔහු ස්ථාන මාරු කිරීමට හේතු වී ඇත්තේ මීට දෙවසරකට පෙර මෙම සිසුවා සමග ත්‍රිරෝද රථයක සිටියදී ඇති වූ බව කියන සිද්ධියකි.
ජංගම දුරකථනයේ වූ නිල් චිත්‍රපටය සිසුවා තවත් සිසුන් කිහිප දෙනකුට පෙන්වා ඇත. ඒ බව විදුහල්පතිවරයා දැනගෙන ඇත්තේ ඒ අතරතුරය. එම ජංගම දුරකථනය විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන බලධාරීන්ට භාර දී ඇත.
මෙම සිසුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval