
දැනට සීමාසහිත ලෙස ලබා දෙනු ලබන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තිරණය කර ඇත.
ඒ අනුව යතුරු පැදි සඳහා පෙට්‍රල් ලීටර් 07ක්, ත්‍රී රෝද රථ සඳහා ලීටර් 08ක්, ලබා දෙනු ලැබේ.
බස් රථ සඳහා ලීටර් 60ක්, මෝටර් රථ සඳහා ලීටර් 30ක්, ද ලැබෙන බව විදුලි ඉල හා බල ශක්ති අමාත්‍යංශය කියා සිටී.
අදාල වැඩි කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.
ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදුන් දීමනාවක් බවයි.
ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 05 සිට ලීටර් 08 දක්වා ඉහළ දමා ඇත. යතුරුපැදි සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් 4 සිට ලීටර් 07ක් දක්වා ඉහළ දමා ඇත.
බස් රථ සඳහා දැනට ලබා දෙන ලීටර් 40 ඉන්ධන කෝටාව ලීටර් 60 දක්වා ඉහළ දමා ඇත. කාර් රථ සහ වෑන් රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වා ද, ලොරි රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් 50 සිට 75 දක්වා ද විශේෂ අවශ්‍යතා සහිත වාහන සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වා ද ඉහළ දමා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval