
කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු ඊයේ (26) මෙරටින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672,150 කි .
මීට අමතරව කොරෝනා ආසාදිතයින් 2 දෙනෙකු මිය ගොස් ඇතැයිද වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (26) තහවුරු කළේ ය.
ආසාදිතයින් 24 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 655,285කි.
සාපේක්ෂ වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තාවීම මේ දිනවල වෙනදාට වඩා වැඩිවී ඇතැයිද ඒ නිසා ඒ ගැනසැලකිලිමත්වන ලෙසද වසංගත විද්‍යා අංශ දන්වා සිටී.
දැනට, ලෝකයේ කොවිඩ් ප්‍රමුඛ ප්‍රභේදය වන්නේ XBB.1.5 වන අතර, 87.9% රෝගීන් ඇමරිකාවේ මෙම ප්‍රභේදයෙන් වාර්තාවී ඇත.
මුල් ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් නැති වී ඇති නමුත් ඔමික්‍රොන්හි උප ප්‍රභේද වන XBB.1.5, BQ.1.1 සහ BQ.1 සංසරණය වෙමින් පවතින බව WHO වාර්තා කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval