
රිළවුන් ලක්‍ෂයක් චීනයට ලබාදීමට සිදුකරන සැලසුම් අවලංගු නොකළහොත් එම ක්‍රියාව වළක්වා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වන සත්ත්ව සහ ස්වභාව ආරක්‍ෂක සංගමය සඳහන් කරයි. මෙරට තුළ විශාල රිළවුන් නගහනයක් සිටින බවට විවිධ අවස්ථාවල ප්‍රකාශ සිදුකළත්, මෙරට තුළ ජීවත්වන රිළවුන් ප්‍රමාණය පිළිබඳ සොයා බැලීමට කිසිදු සමීක්‍ෂණයක් සිදුකර නොමැති බවද එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ස්පෙන්සර් මැනුවල්පිල්ලේ මහතා පැවසීය.
රිළවුන් විසින් වගා භූමි විනාශ කිරීම සිදුකරන බවට විවිධ ප්‍රකාශ නිකුත් වෙමින් තිබෙන බවත්, අවිධිමත් සංවර්ධන කටයුතු නිසා සිදුවන වන විනාශය නිසා වන සතුන්ගේ වාසස්ථාන අහිමිවෙමින් තිබෙන බවත් මේ නිසා වනසතුන්ගේ භූමි ආරක්‍ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. මෙම සත්ත්ව කොට්ඨාසයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රජා භූමි ආශ්‍රිතව ජීවත්වන බවත්, චීනයේ සත්ත්ව උද්‍යාන සදහා රිළවුන් ලක්‍ෂයක් ලබාදෙන බවට බලධාරීන් මේ වනවිට ප්‍රකාශ සිදුකර තිබෙන නමුත්, චීනයේ රිළවුන් රැඳවිය හැකි සත්ත්ව උද්‍යාන පවතින්නේ 18ක් පමණක් බවත් ස්පෙන්සර් මැනුවල්පිල්ලේ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දික හේවාවිතාරණ
Comments
Post a Comment
Your comment will be visible after approval