
කුරුණෑගල තෝරේ ප්‍රදේශයේ තිස් හැවිරිදි පාසල් ගුරුවරියක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පසුගියදා සිව් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් ඥානරතන මහතා පැවසුවේ මව පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු බිහි කළ බවයි. මව සහ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ.
කුෂානි ලංසාකර ගුරුතුමිය සහ කුරුණෑගල මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි බුද්ධික හේරත් සිව් නිවුන් දරුවන්ගේ මවුපියෝ වෙති. දරුවන් සිව්දෙනාගේ බර කිලෝග්‍රෑම් 1.3 ත් 1.1 ත් අතර වන අතර ඔවුන් රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval