
උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ලුදියානා හි කම්හලක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති බව එරට ප්‍රවෘත්ති අංශ ඉරිදා වාර්තා කළේය.
ගෑස් කාන්දුවට හේතුව තවම පැහැදිලි නැති අතර ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ජීවිත බේරාගැනීමේ උත්සාහයක නිරතවී ඇතැයි වාර්තා වල දැක්වේ.
පොලිස් නිලධාරීන් මුර සංචාරයේ යෙදෙන අයුරු, ගැස් ආඝ්‍රානය වැළකීමට මුහුණු ආවරණ පැළඳ සිටින අයුරු සහ වටකර ඇති ප්‍රදේශයකින් බැහැරව සිටින ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින අයුරු වීඩියෝ ප්‍රවෘත්ති මගින් ඉදිරිපත් විය.
ලුදියානා කම්හලේ ගෑස් කාන්දුව නිසා තුවාල කරුවන් වහාම රෝහලට ඇතුළත් කළ බවත් ඔවුන් අතරින් බරපතල තත්වයේ සිටින 11 අතර තවත් මරණ වාර්තාවීමට ඉඩ ඇති බවත් රෝහල්ආරංචි හෙලි කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval