
ඊයේ 28 වන දින උදෑසන කාලයේ ගාල්ල බෙන්තොට බෝධිය අසල නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය කියයි.
මියගොස් ඇති අය හඳුනාගන්නටඉමෙතෙක් සමත්ව නැත. ඇය අවුරුදු 70 ක් පමණ වයසේ පසුවන බවට අනුමාන කළ හැකි බවත් අනන්‍යතාවය සොයමින් පවතින බවත් පොලිසිය කියයි.
ඇය හඳුනාගන්නට වැඩි විස්තර මෙසේය. මිය ගොස් ඇති අය උස අඩි 05 අඟල් 01 ක් පමණ වන තලෙළු සිරුරක් ඇති, හිස කෙස් සුදු, උඩු කයට රතු පාටට හුරු ඉරි ටී ෂර්ටයක් හැඳ යටි කයට රතු පාට මිශ්‍ර කොට සායක් හැඳ සිටී. වම් පාදයේ හා දකුණු පාදයේ දණහිසට පහළින් තුවාල කැළැල් ඇත.
මෙම කාන්තාව ප්‍රදේශයේ යාචක කාන්තාවක් බවට සැකයක් පවතින අතර මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval