
සිසුන් දෙදෙනෙකුට මරු කැඳවමින් බදුල්ලේ රිය පෙළපාලියකදී අනතුරට ලක්වූ කැබ් රථයේ ගමන් කළ හැක්කේ රියැදුරුට අමතරව එක් මගියකුට පමණක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම රථය භාණ්ඩ පැටවීම සඳහා නිපදවා ඇති එකක් බවත් මෙහි සිසුන් 18 දෙනෙකු ගමන් කර ඇත්තේ නීති විරෝධී අන්දමින් බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) සුජීව තෙන්නකෝන් පැවසීය.
බදුල්ල ධර්මදූත විද්‍යාලය හා ඌව මහා විද්‍යාලය අතර පැවති වාර්ෂික ක්‍රිකට් ගැටුම අතරතුර ධර්මදූත විදුහලේ ආදි සිසුන් පිරිසක් විසින් සංවිධානය කළ රථ පෙළපාළියකට එක්වූ කැබ් රථයක් පෙරළී යාමෙන් සිසුන් දෙදෙනකු මියගොස් තවත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කෙරිණී.
මේ සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන පොලිසිය මගින් විමර්ශන සිදුකරන බවත් පොලිසියේ කැඳවීමෙන් පසු බදුල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයා මගින් මෙකී අනතුරට ලක්වූ කැබ් රිය ගැන පරීක්ෂණ සිදුකරන බවත් සහකාර කොමසාරිස්වරයා කීවේය.
මෙවැනි ආකාරයේ රථ බෝහෝ ප්‍රමාණයක් අනාරක්ෂිත අන්දමින් මගීන් පටවන ආකාරය දක්නට ලැබෙන බවත් මෙය නීතියෙන් විශාල දඩයකට ලක්විය හැකි වරදක් ද වන බවත් හෙතෙම කීවේය.
එෆ්. අස්ලම්
Comments
Post a Comment
Your comment will be visible after approval