
පහරදීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකුට රහසිගතව ඇතුළු වූ අයකු තියුණු ආයුධයකින් පහරදී පෙරේදා (28) අලුයම මරා දමා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මරාදමා ඇත්තේ අංක 15 මන්නාරම් පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි බි.ඩබ්ලිව්. රුවන්ජිත් විජිත නමැති 24 හැවිරිදි තරුණයෙකි.
මැදවච්චියේ දී සිදු වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සිවු දෙනකු එක්ව මෙම තරුණයාට පොලු වලින් පහර ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල් ගත කර සිටි බව පොලිසිය කියයි.
එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී මරාදැමීමම සිදු කර ඇති අතර සැකකරු පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මියගිය තරුණයා බන්ධනාගාරගතව සිට මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස් වූ අයකු බවද පොලිස් නිලධාරියෙක්
පැවසීය.
තරුණයාට මැදවච්චියේදී පොලු වලින් පහරදීමට සම්බන්ධ වූ අය අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වන බව මැදවච්චිය පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
මෙම ඝාතනය සිදු කළ සැකකරු ද අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි පොලිසිය කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval