
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අජිත් රෝහණ මහතා දකුණු පළාත පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල් එස් පතිනායක , ඒ එස් ප්‍රියන්ත වීරසූරිය, එස් පි මැදවත්ත, ඩබ්ලිව් කේ ජයලත්, ආර් එස් කොඩිතුවක්කු , එල් කේ ඩබ්ලිව් කේ සිල්වා යන අයටද
ජාතික පොලිස් කොමිසම් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාවය මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය මත පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා මෙම මාරුවීම් කර තිබුණි.
මේ අතර තමන් මාරු කිරීමට ගෙන ඇති තීන්දුව ඉතා ද්වේෂ සහගත එකක් බවත්, එය පසුපස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිටින බවත්, ඒ හේතුවෙන් මෙම මාරුවීම නිර්දේශ නොකරන ලෙසත් ඉල්ලමින් දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කොට ඇත.
එම ලිපියේ දැක්වෙන්නේ එක් නිලධාරියකු ආරක්ෂා කිරීම සදහා ටිරාන් අලස් මහතා මේ ආකාරයට කටයුතු කරන බවකි.
පසුගිය අප්‍රේල් 18 වැනි දින සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සදහා අමාත්‍යවරයා විසින් කැදවීමක් සිදු කර තිබූ බව සිය ලිපියෙන් කියා සිටින අජිත් රෝහණ මහතා එහිදී පොලිස්පතිවරයාගේ උපදෙස් මත තමන් විසින් සකස් කළ ලිපියක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තරවටු කළ බවද දක්වා ඇත.
ඉන් අනතුරුව අමාත්‍යවරයාගේ කාර්යාලය වෙත කැදවා අනාගත පොලිස්පති ධූරය සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක් පිළිබදව තමන්ට චෝදනා කළ බවත්, එහිදී මාරුවීමක් පිළිබදව තමන්ට ඉගියක් ලබා දුන් බවත් රෝහණ මහතා සිය ලිපියේ සදහන් කොට ඇත.
එම නිසා මෙම අනීතික මාරුවීම පිළිනොගන්නා ලෙසද අජිත් රෝහණ මහතා සිය ලිපිය මගින් පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කොට ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval