UNIVERSITY-strike-call-off

රජය විසින් පනවා ඇති උපයන විට අය කරන බදු ප්‍රතිපත්තියට එරෙහිව වැඩ වර්ජනයක නිරතව සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.ඒ අනුව ලබන 17 වැනිදා සිට යළි අධ්‍යයන කටයුතුවල නිරතවීමට පියවර ගෙන තිබේ.



විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට පැමිණීමට ඊයේ (11) රාත්‍රියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් සිදු විය.
නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, පසුගිය මාර්තු 9 වැනි දා වන අතර මේ හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුද කල්ගියේය.
ඔවුන් වැඩ කරන්නට සූදානම්වීම නිසා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුද ඉක්මනින් ආරම්භ වනු ඇත.