
වැල්ලවාය, ඇල්ලෙවල ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි ඉතිරි තරුණයින් 03 දෙනාගේ මළ සිරුරු අද (22) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මළ සිරුරු සොයා ගෙන ඇති අතර අතුරුදන් වූ එක් තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ සොයා ගැනිණ.
ඊයේ (21) උදෑසන තරුණයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී පිරිසෙන් 04දෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබිණ.
මෙලෙස අනතුරට පත්වුණේ අවුරුදු 20, 21 යන වයස්වල පසුවන කල්මුණේ ප්‍රදේශයේ පදිංචි තරුණයින් 4 දෙනෙකි. කොළඹ BCAS Campus (British College of Applied Studies) හි අධ්‍යාපනය ලබමින් පසුවිය.
පැවති දැඩි වර්ෂාපතනය සහ ඇල්ලේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම තුළ නාවික හමුදා කිමිදුම්කරුවන් දැඩි පරිහ්‍රමයක් යොදා තරුණයන් තුන්දෙනාගේ සිරුරු සොයා ගෙන තිබුණි.
මෙලෙස දියේ මියගොස් ඇත්තේ සමන්තුරේ, කල්මුණේ, සයින්දමරුදු යන ප්‍රදේශවල පදිංචි මොහොමඩ් අස්වර් මොහොමඩ් සුනුර්, මොහොමඩ් හයාෆ් සහ මොහොමඩ් නවුණස් යන තරුණයෝය.
මළ සිරුරු වැල්ලවාය මූලික රෝහලට රැගෙන ගොස් ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval