
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක බුත්තල කතරගම මාර්ගයේ වනජීවී මුරපොළ අසල වැසිකිළියකට ගිය අතරවාරයේ ඇයගේ ගමන් මල්ලේ තිබූ රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා කැමරා උපකරණ කට්ටලයක් සොරකම් කර ඇති බවට කර තිබූ පැමිණිල්ලක් මත වනජිවී නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි.
එම කාන්තාව ඇයගේ මිතුරකු ද සමගින් ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් මස 22 වැනිදාය. ඔවුන් කතරගම ප්‍රදේශයේ සංචාරය කර සෆාරි ජිප් රථයකින් කතරගම බුත්තල මාර්ගයේ ඉකුත්දා (05) සංචාරය කර ඇතැයි පොලිසිය කියයි. මෙම කාන්තාව ශාරීරික අවශ්‍යතාවක් මත ගල්ගේ වනජීවී මුර පොළට පැමිණ වැසිකිළියකට ගිය අතරවාරයේ මෙම කැමරාව සොරකම් කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.
එම පැමිණිල්ල මත ගල්ගේ වනජීවී මුර පොළේ වනජිවී නියාමකවරයෙකු කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු තිස්සමහාරාම අධිකරණය හමුවට ඊයේ (07) ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval