
සංචාරක ශ්‍රී ලංකා පිල හා නවසීලන්ත පිල අතර වෙලින්ටන් නුවර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.
තරගයේ සිව්වන දිනය වූ අද ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සදහා ලකුණු 358 ක් රැස් කළ අතර පළමු ඉනිමේ ලබාගත් අඩු ලකුණු (164) නිසා නවසීලන්තය මුල් ඉනිමේ ලබාගත් 580 පසුකරයන්නට බැරි විය. මේ නිසා ඉනිමක පරාජයද සමග ලකුණු 58 ක ජයක් නවසීලන්තයට අත්කරදුණි.
තරගාවලියේ තරග දෙකම නවසීලන්තය ජයගත් නිසා තරගාවලී ශූරතිාවද ඔවුන් සතු විය.
අයිසීසී ලෝක ටෙස්ට් කුසලානය සදහා ඕස්ට්‍රෙලියාව සමග අවසන් වටයට යාමට තිබුණ අවස්ථාවද ශ්‍රී ලංකාවෙන් ගිලිහුණ මෙම තරගාවලිය ශ්‍රී ලංකාව පැත්තෙන් හැම අතින්ම අවාසනාවන්ත එකක් විය.
ලකුණු සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval