siyambalapitiya-imf

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පැවති රැස්වීමකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුලින් ලැබුණ සල්ලි වියදම් කරන්නට පටන්ගත් ආකාරය විස්තර කලේය.


මිලියන 330 න් මිලියන 121 ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව ඔහු කීය.


ඔහු පවසන්නේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාගත් ණය මුදලට අදාළ වාරිකය ගෙවීමට පටන් ගත් බවත්
මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක මුදල, මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැරවී තිබීමෙන් පසු එය ඉන්දීය ණය වාරිකය සඳහා ගෙවූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලේ පළමු වාරිකයෙන් ඒ අනුව ඉතිරිව ඇත්තේ මිලියන 209 ක් පමණි.

 රටේ මූල්‍ය ස්ථායීකරණය සඳහා මෙම මුදල් ඉදිරියේ භාවිත කිරීමට අපේක්ෂා කරන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.