
තමන් දේශපාලනයට නොපැමිණියේ නම් ගුවන් නියමුවෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.සජිත් ප්‍රේමදාස මහතා සෙනසුරාදා කොලොන්නාවේදී පැවති SJB රැලියකට එක්වෙමින් මේ බව කීය.
"ගුවන් නියමුවෙකු මගීන්ගේ ජීවිතවලට වගකිව යුතු සේම, ජීවිත ආරක්ෂා කිරීම සඳහා දේශපාලකයෙක් ලෙස රජයක් ලෙස වගකිව යුතුය" ඔහු පැවසීය.
ඔහු කියා සිටියේ ආණ්ඩුව ආර්ථිකය ශක්තිමත් කරනවා වෙනුවට කුඩා කිරීම පමණක් සිදු කරන බවයි. යුද්ධය පැවති කාලයේදී පවා එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ක්‍රියාත්මක කළ බවය.
"නමුත්, ආර්ථිකය කුඩා කිරීමට හෝ ජනතාව මත බර පැටවීමේ යෝජනාවලට එකඟ නොවන බව“ ඔහු කීය..
“එදා සහ අද අතර වෙනස තමයි, IMF වෙත ශ්‍රී ලංකාවේම ගිවිසුම් යෝජනා කිරීමට එදා හැකි වීමයි. නමුත් දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ දේ ක්‍රියාත්මක කරනවා” ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval