roshan-ranasinghe-speaks

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරන සියලුම ව්‍යවස්ථා සංශෝධන වලට තමා එකඟ වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුවේය. ඒ පෙරේදා (21 වැනිදා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජාත්‍යන්තර පාපන්දු තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මේලනය හා සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මේ වනවිටත් කමිටුවක් පත් කර ඇති බවත් තමා ඇතුළු නිලධාරීන් කෙසේ හෝ මෙම තහනම ලිහිල් කර ගැනීමට උත්සහ දරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.



මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘ෆිෆා එක කියන සියලුම ව්‍යවස්ථා සංශෝධන වලට මම එකඟයි. ආයෙත් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. නමුත් ෆිෆා එකත් අපක්ෂපාතීව මේ ගැන කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ දූෂිතයන්ගෙන් කරුණු අහලා වැඩක් නෑ.

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරලා රට අපකීර්තිමත් කරවන නිලධාරීන්ව පිටුවහල් කරන්න දඬුවමක් දෙන්න පුළුවන් නම් මම දෙනවා එය ඒ තරම් වැරැද්දක්’ යැයි පැවසුවේය.

ෆිෆා දූත පිරිසක් තමා මුණගැසී එම නිලධාරීන් සමග සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා පාපන්දු සම්මේලනයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය කඩිනමින් විසඳා ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැටුප් ගෙවීමට බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.
(චතුර රණසිංහ)