
ගුරු වෘත්තීය සමිති සහ නිලධාරීන් සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් ගැටලු නිරාකරණය නොකළහොත් පාසල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පාසල් සිසුන් සඳහා නොමිලේ පෙළපොත් සහ නිල ඇඳුම් බෙදාදීමේ ජාතික උත්සවය අමතමිනි.
අද පැවති උත්සවය අමතමින් ඔහු අවධාරණය කළේ රටේ පාසල් සිසුන් විවිධ කණ්ඩායම් විසින් ප්‍රාණ ඇපයට ගැනීමට තමන් ඉඩ නොතබන බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval