
පානදුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අද (21) දහවල් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පිංවන්ත පොලීසිය පවසයි.පානදුර, පින්වත්ත ජාත්‍යන්තර පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදීසිටී සිසුවෙකු මෙලෙස මියගොස් ඇත.
ඔහු උෂ්ණත්වය අධික අවස්ථාවේ අධික තෙහෙට්ටුව නිසා විවේක ගන්නා බව පවසා විද්‍යාලයේ ජලනලයකින් වතුර බී ඇතැයිද ඊට ටික වෙලාවකට පසු අනපේක්ෂිත ලෙස ඔහු ඇදැවැටී ඇතැයිද වාර්තා විය.සිසුවා වැටෙනු මිතුරන් පිරිස දැක තිබෙන අතර රෝගීව ඇදවැටුන අවස්ථාවේ කඩිනමින් රෝහල්ගතකර ඇති නමුත් සිසුවා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත. පාසල් දරුවාට වෙනත් රෝගී තත්ත්වයක්ද තිබුණ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම රෝග තත්වය අනාවරණය කර නැත.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවූ කේ ඩයන ඩියොන් නමැති සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි සිසුවෙකි.
පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරු දැරියන්ට ලබාදිය යුතු මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිකුත් කර තිබෙන අතර උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකීම, විවේක කාලයේදී සිසුන්ට අධික හිරු එළිය සහිත එළිමහනේ කටයුතු කිරීමට ඉඩ නොදෙන ලෙස දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval