
විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරයකුට අයත් නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවෙසකින් රුපියල් ලක්ෂ 70 කට ආසන්න රන් බඩු හා මුදල් සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.
සොරාගත් දේපළ අතර, රුපියල් ලක්ෂ 60 ක පමණ රන් බඩුද ඕස්ට්‍රේලියානු ඩොලර් 3,300 ක් හා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,70,000 ක්ද වන බව පොලිසිය පවසයි. ඉකුත් පෙබරවාරි මස 6ත් 11ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිසියට පෙරේදා (01) ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නිවෙසේ සේවය කළ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි මෙහෙකාරියක සැකකරන අතර ඇය අසනීප තත්වයක් හේතුවෙන් මීට සති දෙකකට පමණ ඉහත දී ගමට ගොස් ඇති බව ද පොලිසිය කියයි. සැකකාරිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. නාරාහේන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval