
වෘත්තිකයන්ගෙන් අය කරන අසාධාරණ බදු ඉවත් කරන ලෙස ඉල්ලා මේ මස 15වැනිදා සමස්ත මහා වැඩවර්ජනයක් සිදු කිරීමට ඊයේ (07දා) වෘත්තීය සමිති තීරණය කළ බව වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
මේ අනුව වරාය සේවකයන් මෙම වැඩවර්ජනයට සහාය දෙමින් මේ මස 13 හා 14 යන දින දෙක සෙමින් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරන බවත්, 15වැනිදා සේවයෙන් ඉවත්ව සිටින බවත් එම සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකාන මහතා සඳහන් කළේය.15වැනිදා දුම්රිය, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ජල සම්පාදන, බැංකු, සෞඛ්‍ය සේවකයන් ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකම සේවකයත් 15වැනිදා සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයකට සම්බන්ධ වන බවට වෘත්තීය සමිති ඊයේ තීරණය කළ බවද ඔහු පවසා සිටියේය. සමහර ක්ෂේත්‍රවල 15වැනිදා සිට දින කිහිපයක් අඛණ්ඩව වැඩවර්ජනය කරන බවට ප්‍රකාශ කළ බවත්, මීට සමගාමීව හෙට (09දා) සිට සමහර ක්ෂේත්‍රවල විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ
Comments
Post a Comment
Your comment will be visible after approval