
ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්‍රස්හි පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ මංජු නිශ්ශංක මහතා රුපියල ශක්තිමත් වීම සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිලි කළේය.මංජු නිශ්ශංක යනු මූල්‍ය වෙලඳපොලවල් සහ තාක්‍ෂණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකි . ඔහු Blockchain, AI, AR සහ VR සහ සමාජ මාධ්‍ය වර්ණාවලියේ සාර්ථක ආරම්භක කිහිපයක් ආරම්භ කර ආයෝජනය කර ඇත. මංජු MyntCoinz හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ.
"හදිසියේම ඩොලර් එක අඩු වෙන්න හේතුව වුණේ මහ බැංකුව ගන්නා ලද 25% සිට 15% දක්වා වන සීමාවන් අඩු කිරීමත්, IFC එක විසින් මූලික එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා ඩොලර් මිලියන 400ක ස්වොප් එකට එන්න. ඔය දෙක ඇතුළේ අපේ වෙළඳපොළ ඇතුළේ යම් කිසි උත්තේජනයක් ඇවිල්ල තියෙනවා.
ඒක ආවා කියලත් ඒකට ලොකු ඉල්ලුමක් එන්නෙ නැහැ. හේතුව තමයි ඒක අපේ ආනයනයන් වලට එක පාර යොදවන්න බැහැනේ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව රුපියල ශක්තිමත් වෙනවා කියලා බොරු කතාවක් පෙන්නන්න අපේ රටේ ආර්ථිකයෙන් ඩොලර් බිලියන 15, 18 වගේ වගේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා.
ඇත්තටම වෙලා තියෙන්නෙ අපේ රට බිල්ලට දීල තියෙනවා ඒ ගොල්ලන්ගේ මේ දේශපාලන පැවැත්මවල් ටික කාලයක් අල්ලගෙන යන්න. මේ ආර්ථිකය ධනාත්මක පැත්තට ගෙනියන්න කොයි වෙලාවේ හරි සිද්ධ වෙනවනේ. අන්න ඒ වෙලාවෙ මේ ඩොලර් එකට තියෙන ඉල්ලුම ආයේ ඉහළ යනවා. ආයේ මේක රුපියල් 400, 500, 600ටවත් යන්න පුළුවන්. මොකද හරි ආකාරව තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් මේ ආණ්ඩුවට නැහැ."
Comments
Post a Comment
Your comment will be visible after approval