mahindananda-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත් ගමගේ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වී මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්න වලට පිළිතුරු සැපයීය.

එහිදී පසුගිය කාලයේ බදු සහන ලබා දීම හේතුවෙන් රට මේ තත්වයට පත් වන්නට හේතුවක් වුනේදැයි විමසූ පසු අළුත් ගමගේ මහතා මෙසේ පැවසීය.



"පැහැදිලිවම රජයක් හැටියට අපි ඒ වගකීම භාරගන්න ඕනේ. ඒකම නෙමේ කාරණය. සමස්ථ බදු අයකිරීමේ යාන්ත්‍රනයේ විශාල දුර්වලතාවයක් ඉතිහාසය පුරා තිබිලා තියෙනවා. පහුගිය කාලේ අපි ඒ ගත්ත තීරණය වැරදියි. වෘත්තිකයෝ තමයි ගොඨාභය රාජපක්ෂ මහත්තයට දිගින් දිගටම බල කරේ මේ බදු ප්‍රමාණය අඩු කරන්න කියලා. ඒ අයම තමයි දැන් එතුමව එළියට යැව්වෙත්.

වැටුපෙන් අය කරන බද්දයි ව්‍යාපාරයෙන් අය කරන බද්දයි අතර දෙකක් තියෙනවා. වැටුපෙන් අය කරන බද්ද හංගන්න බැහැ. හැබැයි ව්‍යාපාරිකයට බදු හංගන්න පුළුවන්.
ලංකාවේ ප්‍රධාන වී මෝල් හිමියා හැමදාම බදු ගෙවලා නැ."

වෘත්තිය සමිති වැඩ වර්ජන සම්බන්ධයෙන් හෙතෙම මෙසේ පැවසීය.

"20 වෙනිදා මේක තීන්දු කරන්න යනකොට 15 වෙනිදා පාරට බැහැලා මේක අකුල ගන්න කියනවා. දැන් අපි මේක හකුල ගත්තා කියමුකෝ. IMF එක අපිට සල්ලි දෙන්නෙ නැහැ. රටේ රාජ්‍ය සේවයේ 95%කට බලපාන්නෙ නැති ප්‍රශ්නයක් 5%ක් තුළින් සමස්ථ ආර්ථිකයම, අනූදාහකගෙ ප්‍රශ්නෙකට සමස්ථ රටම බිළි දෙනවද කියලා අපි අහන්නේ.

මේ අර්බුදයට මං විශ්වාසකරනවා මුහුණ දෙන්න පුළුවන් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි කියලා. මට කිසි ප්‍රශ්නයක් නැහැ මගේ මේ තියෙන ගෙයක් දෙකක් විකුණලා රට ගිහිල්ලා අපිට ඉන්න පුළුවන්. හැබැයි අපි මේ රටට හරි ආදරෙයි."



මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් විමසු පැනය සඳහා හෙතෙම මෙසේ පැවසීය.

"මගේ පේජ් එකට ගියානම් බලාගන්න පුළුවන් මං රැස්වීම් 150 ක් කරා නාවල. මට මැතිවරණය හෙට තිබ්බත් නාවලපිටිය මම දිනනවා. ලංකාවේ මැතිවරණය කල් දාපු පලවෙනි මැතිවරණය නෙමෙයි. ඒ කල් දාලා තියෙන්නෙ එදාට රටේ ඇති වෙච්ච අර්බුදයක් නිසා.

මම ගමේ ඉන්න මිනිහා. අපි සරම ගහගෙන බුලත් විට කාගෙන ගමේ ඉන්න එවුන්. හැබැයි අපි පිළිගන්නවා ජනතා විමුක්ති පෙරමුණට තිබ්බෙ 3%යි එකේ යම් වැඩිවීමක් එයි ඊළඟ මැතිවරණෙදි. ඒක 10%ක් වෙයි සමහර විට. දැන් මාලිමාවේ කවුද මහත්තයෝ ඡන්දෙ ඉල්ලන්නේ. අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා හොරුන්ට දූෂීතයන්ට ඡන්දෙ දෙන්න එපා කියලා. එයාගේ ලැයිස්තුවේ කවුද ඉන්නේ. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මින්ස්සුන්ගේ වකුගඩු විකුණපු එවුන්."