mahinda-deshapriya-speaks

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ වත්මන් සීමානිර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රටේ මුදල් තත්වය යහපත්වීම සහ මැතිවරණය ගැන අදහස් පළ කර තිබේ.

‘මුදල් ප්‍රශ්න පිළිබඳව මම දන්නෙ නෑ අයිඑම්එෆ් සල්ලි ආපු නිසා ඡන්ද තියන්න පුළුවන්ද නැද්ද තීරණය කර ගන්න ඕනේ මුදල් අමාත්‍යංශය බැලූ බැල්මට නම් මේ ඡන්දය පැවැත්වීම අප්‍රේල් 25 කියන එක බැහැම කියන තත්වෙට දැන් ඇවිල්ලා නේ තියෙන්නේ තර්ජන නිකුත් කරන්න බැරි නිසා.

මගෙ නං අදහස ඡන්ද විහින් කල් තියෙන එක සුදුසු නෑ මම නම් බලාපොරොත්තු වුණා.. අඩුම වශයෙන් තව මාස තුනක් ඇතුළත වත් මේ ඡන්දය තියලා අඩුම වශයෙන් ජුලි මාසයේ වෙනකොටවත් මහජන නියෝජිතයන්ගේ පාලනයට තියන්න පුළුවන් වෙන විදිහට ඡන්ද කියාවි කියලා

 සීමා නීර්ණය කමිටුව පිළිබඳව කියනව නං මාර්තු 31 දැනට වැඩ අවසන් කරනවා කොට්ඨාශවල සීමා පිළිබඳ වාර්තාව.
 අපේ වාර්තාව භාෂා තුනටම පරිවර්තනය කරන්න යන නිසා වාර්තාව දෙන්න අප්‍රේල් මාසේ 10ට විතර වෙයි.
නමුත් අපි කොට්ඨාස මොකද්ද කියන ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කරන්න බාර දෙන්න උපරිම උත්සහය දරනවා. “