
ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රී 12ට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දහවල් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ අනුව, පෙට්‍රල් 92, රුපියල් 60කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 340කි.
ඔටෝ ඩීසල් රුපියල් 80කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල 325කි.
එමෙන්ම පෙට්‍රල් 95 රුපියල් 135කින් අඩු කෙරෙන අතර එහි නව මිල 375ක් වන අතර සුපර් ඩීසල් රුපියල් 45කින් අඩු කෙරෙයි. එහි නව මිල 465කි.භූමිතෙල් රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිල 295කි.
ඉන්ධන බෙදා හැරීම කඩාකප්පල් කළ වෘත්තීය සමිති නායකයින් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් 20 දෙනෙකෙු අනිවාර්ය නිවාඩු යවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval