janaka-rathnayake-speaks

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඕස්ට්‍රෙලියාවේ සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසු ඊයේ (28) නැවත සිය කාර්යාලය වෙත පැමිණියේය.

ඔහු සිය කාර්යාලය වෙත පැමිණියත් මුද්‍රා තබන ලද කාර්යාලයේ මුද්‍රා ඉවත් කර තිබුනේ නැත.

සභාපතිවරයාගේ නිල කාර්යාලයට පසුගිය 16 වනදා කොල්ලුපිටිය පොලීසිය අධිකරණ නියෝගයක් මත මුද්‍රා තැබුවේ කඩාකප්පල්කාරී පිරිසක් එම කාර්යාලයට ඇතුළුවී එහි රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ගොනු අස්ථානගත කිරීමේ හෝ විනාශ කිරීමේ උත්සාහයක් ඇති බවට කෙරුණු පැමිණිල්ලක් මතයි.

කෙසේවෙතත් අද ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා සඳහන් කළේ, “දොර අරින්න අවශ්‍ය කරන නිලධාරීන් නැහැ කියල තමයි කියන්නෙ..අපි බලමු ඒ ගැන පසුවට..
මේ වැරදි විදුලි ගාස්තු වැඩි කිරීම නීති විරෝධීයි. ඉදිරි දවස් වල අවශ්‍ය නීතිමය කටයුතු පුද්ගලිකව ගන්නවා. විදුලි බිල වැඩි වෙලා තියෙන්නෙ සමාජයේ අඩු ආදායමක් ලබන ඒකක 39ත් 60ත් 90ත් අතර වන ඒකක පරිභෝජනය කරන අයගේ තමයි බිල වැඩි වෙලා තියෙන්නෙ.

180ට වඩා වැඩිය පාවිච්චි කරන අයගේ කිසිම ඒකකයක ගාන වැඩි වෙලා නෑ.

අපි කිව්වේ මේකේ තියෙන ගිගා වොට් හවර්ස් ගාන 40ක් වගේ වෙන්න ඕනෙ කියන එක. සීබී එක කිව්වේ මේක 46ක් 48 වෙන්න ඕනෙ කියලා. ඒක දැනටමත් බොරු වෙලා තියෙනවා. සීබී එකේ ගනණය කිරීම අතිශෝක්තියෙන් කරපු එකක්. දවසේ තියෙන ගනණය කිරීම් විදුලි බල මණ්ඩලේ වෙබ්සයිට් එකෙනුත් අයින් කරලලු තියෙන්නෙ.

අඩු ආදායම් ලබන කාණ්ඩවල විදුලි බිල අඩු කර ගැනීමේ වැඩපිළිවෙල මං පුද්ගලිකව මේ කර්තව්‍ය නිමාවන තුරු මේ සටනේ නියැලෙනවා කියලා මම අනිවාර්‍යයන්ම කියනවා.

විදුලි බිල වැඩි කිරීමට කළින් විදුලි කප්පාදුවත් නැති වෙලා තමයි විදුලි ඉල්ලුම ඒකක මිලියන 40කට සීමා වෙලා තියෙන්නෙ. මහජන උපයෝගීතා කොමිසමට පටහැනිව මෙතන ඉන්න අනෙකුත් කොමිසමේ අලුතෙන් ආපු සාමාජිකයන් කිසිම අවබෝධයක් නැතිව වැඩ කරලා තියෙනවා.

රජය පොරොන්දු වෙලා තියෙනව පැය 24 පුරා විදුලිය ලබා දෙනවය කියලා.
මහජනතාවට අයිතිවාසිකමක් තියෙනවා මේ වගේ වැඩි කරපු එකක් ගෙවනවනම් තමන්ට අවශ්‍ය දවසේ පැය 24 පුරාම විදුලිය තිබිය යුතුයි කියලා කියන එක."