hirunika-speaks

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි ජන බලවේගයේ පැවැත්වු මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසුවාය.

"රනිල් යටතේ මම සමඟි වනිතා බලවේගයේ නායිකාව විදියට ඉස්සර කරපු දේවල් ටික කලා නම් මට ගෝඨාභය ගෙදර යන පළවෙනි දවසෙම මට බැණුම් අහලා ගෙදරට වෙලා ඉන්න වෙනවා. උදේට කතා කරලා හවසට තීරණ වෙනස් කරනව කියලා මම දැක්කා හරීන් මන්ත්‍රීතුමා කියනවා. එහෙම කවදාවත් අපේ නම් තීරණ වෙනස් වෙලා නෑ. රනිල්ව අත ඇරලා දාලා අලුත් පක්ෂයක් හදාගෙන ආවේ සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරන්න. අපිට අනිත් අය කිසි කෙනෙක්ගෙන් වැඩක් නැහැ.



කට්ටිය මගෙන් අහනවා සල්ලි ගෙවලා ඉවර වෙලා සමහරක් වෙබ්සයිට් වලට පේජස් වල ඉන්න කට්ටියගෙන් ඇයි මේ මට එකපාරටම ගහන්න පටන් ගත්තෙ කියලා. ඒ පේජ් කරන කොල්ලා මට එකපාරටම කිව්වා මේ ජේවීපී එකෙන් සල්ලී දීලා තමයි මේ කරවන්නෙ කියලා.

රනිල් වික්‍රමසිංහගේ හොඳ දේවල් වලට හොඳයි කියන්නත් නරක දේවල් වලට නරකයි කියන්නත් තමයි අපි අලුත් පක්ෂයක් හදාගත්තේ. ඒක හෙට සජිත් ප්‍රේමදාසටත් වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මට පෞද්ගලිකව ගොඩාක් අසාධාරණකමුත් කරලා තියෙනවා, සාධාරණකමුත් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂෙන් මං කොළඹ දිස්ත්‍රික්කෙන් ඉල්ලනකොට රනිල් වික්‍රමසිංහට දිවි හිමියෙන් වැඩ කලා.

ජේවීපී එක කියනවනේ චන්ද්‍රිකා මැතිණියත් එක්ක එකතු වෙච්ච එකට අපි අවස්ථානු කූලව හරි තීරණ ගත්තා කියලා. එහෙනම් ඉතින් මං කරපු දේයි ඔවුන් කරපු දේයි කිසි වෙන්සක් නෑනේ. ඒගොල්ලොනුත් එදා චන්ද්‍රිකා ගැන මොකක්ද කිව්වේ කියලා, අද චන්ද්‍රිකා ගැන මහින්ද ගැන මොකක්ද කියන්නෙ කියලා පෙන්නන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ අපේ තාත්තා මරන්න ආපු වෙලාවේ වෙච්ච පෞද්ගලික අත්දැකීම් මං කියනවා. ඒවා ඒ ගොල්ලන්ට නෑ කියන්න බැහැ. එවට සම්බන්ධ වෙච්ච දේශපාලකයින් ඔවුන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා."