france-pention-age-issue

 එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශයේ රාජ්‍ය විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගත් උත්සාහයක් නිසා රටපුරා විරෝධතා සහ 300කට අධික අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත.පැරිස්, රෙනස් සහ අනෙකුත් ප්‍රධාන නගරවල මාර්ග අවහිර වී ඇති අතර, කම්කරු වර්ජන නිසා කුණු වීදිවල ගොඩගැසී ඇත.
දැනට, ප්‍රංශයේ රාජ්‍ය විශ්‍රාම වයස අවුරුදු 62 කි - එහි බොහෝ යුරෝපීය අසල්වැසියන්ට වඩා බෙහෙවින් අඩු ය. එක්සත් රාජධානියේ එය 66, ජර්මනිය සහ ඉතාලිය 67, ස්පාඤ්ඤය 65කි.


ප්‍රංශයේ රජයේ සේවකයන්ට වයස 62 දී හෝ 67 දී අවස්ථා දෙකක විශ්‍රාම යෝජනා ක්‍රම හදුන්වා දී ඇත. 62දී විශ්‍රාම ගැන්මකදී දායකත්ව මුදල් ගෙවා නැති හෝ ගෙවා අඩු අයට සහනයක් නැත. අඩු වැටුපකින් විශ්‍රාම වේතන ලැබ්. නමුත් 67 දී විහ්‍රාම යද්දී එය නොසලකා හරී.මැක්‍රොන් මහතාගේ වෙනස්කම් මගින් කම්කරුවන්ට රාජ්‍ය විශ්‍රාම වැටුපක් ලැබිය හැකි වයස අවුරුදු 64 දක්වා වැඩි වනු ඇත.
ජනපතිට ඇති බලතල අනුව 49.3 වගන්තිය යටතේ මෙම වෙස සිදු කර ඇති නිසා කෝපය වර්ධනය විය.
49.3 වගන්තිය ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන අතර එය ජාතික සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයකින් තොරව නීතියක් සම්මත කිරීමට රජයකට හැකියාව ලබාදී ඇති එකකි.
1958 දී චාල්ස් ඩි ගෝල් විසින් වැඩි දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට සහ රජයේ බලතල පුළුල් කිරීමට එය හඳුන්වා දෙන ලදී.


එය ආරම්භයේ සිට 80 වාරයකට වඩා භාවිතා කර ඇති අතර විශේෂයෙන් සමාජවාදී රජයක් යටතේ 1988 සහ 1991 අතර 28 වතාවක් භාවිතා කර ඇත.

මැක්‍රොන්ගේ හිටපු අගමැති එඩ්වඩ් ෆිලිප් 2020 මාර්තු මාසයේදී විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සඳහා එය භාවිතා කිරීමට උත්සාහ කළ නමුත් වසංගතය ඇති වූ විට එය අසාර්ථක විය.

ප්‍රංශ ජනාධිපතිගේ වත්මන් අගමැති එලිසබෙත් බෝර්න් ජනවාරි 10 වන දින යෝජිත විශ්‍රාම වැටුප් වෙනස් කිරීම් නිවේදනය කළේය.