
දෙහිවල - ගල්කිස්ස ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම දින ගණනාවක සිට අඩාළවී ඇත. දෙහිවල - ගල්කිස්ස මහනගර සභා බලප්‍රදේශයට ජල සැපයුම අලුත්වැඩියාවක් සඳහා පසුගිය සෙනසුරාදා සිට අත්හිටුවීම හේතුවෙන් ප්‍රදේශවාසින් දැඩි අපහසුතාවට පත්විය.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පසුගිය සෙනසුරාදා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබු අවස්ථාවේ නැවතුණ පසු මේ වන තෙක් කිසිදු දැනුම් දීමක් සිදුනොකර දෙහිවල ඇතැම් ප්‍රදේශ වලට පමණක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ප්‍රදේශවාසින් චෝදනා කර තිබුණි.
මේ සම්බන්ධව අදහස් දක්වන ජාතික ජල සම්පාදන බස්නාහිර පළාත් අතිරේක සාමානාධිකාරී ක්‍රිෂාන්ත ප්‍රනාන්දු දන්වා සිටියේ මෙයට හේතුව යන්ත්‍රයක ඇතිවූ කාර්මික දෝෂයක් බවයි. ගැටලුව නිරාකරණය සඳහා වෙහෙසගන්නා අතර ඇතැම් ප්‍රදේශ වලට දැනටමත් අඩු පීඩන යටතේ ජලය සපයා ඇති බවත් සියලු දෝෂ නිරාකරණය කර අද රාත්‍රී යථා තත්වය පත්කරන්නට හැකි බවත් දන්වා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval