dadamas-monaragala

වන සතුන් දඩයම් කිරීමට යොදාගන්නා මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු 07ක්. ඊයම් බෝල 14ක්, තුවක්කු බැඳීමට ගන්නා මරුවන් 16ක් සමඟ සැකකරුවෙකු ඉකුත් 23 වැනිදා සවස මොණරාගල බඩල්කුඹුර බෝගහපෑලැස්ස ගම්මානයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



පොලීසියට ලැබුණ තොරතුරක් මත බඩල්කුඹුර බෝගහපැලැස්ස ගම්මානයේ පදිංචි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී සොල්දරයක් ඇතුළේ සුක්ෂම අයුරින් සඟවා තිබියදී තුවක්කු හතක් සමඟ රියම් බෝල 14 ක්, තුවක්කු බැඳීමට ගන්නා මරුවල් 16ක් සම්භවයස අවුරුදු 63ක නිවෙස් හිමි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ වනාන්තරවල දීර්ඝ කාලයක් තිස්සේ තුවක්කු බැඳ සතුන් දඩයම් කරමින් මිස් විකිණීමේ ජාවාරමේ නිරත වූ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

පසුගිය කාලයේ මෙම ප්‍රදේශයේ මෙම තුවක්කු පත්තුවීමෙන් වනයේ වැටීම් සඳහා ගිය පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතමුන් ආබාධිත තත්ත්වයට ද පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් ප්‍රදේශයේ නිවාස ඇතුළු ගොවිබිම් හා ළඳු කැළෑ පරීක්ෂාවකට ලක්කර සතුන් දඩයමට බැඳ තිබෙන තුවක්කු අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම් සිදු කරන බව පොලිසිය පවසයි.