cricket-pohottu

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්ය මණ්ඩලය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
සුහදත්වය හා කායික මානසික සුවතාවය ඇති කිරීමේ අරමුණින් තරගාවලිය සංවිධානය කළ බව ඔවුන් පවසා තිබේ.
තරගාවලිය සදහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම පොදුජන පෙරමුණේ අධ්‍යාපන කන්ඩායම පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කන්ඩායම හා පොදුජන පෙරමුණේ තරුණ කණ්ඩායම ඇතුළු කන්ඩායම් 6ක් එක්ව සිටියහ.
සනත් නිශාන්ත නාමල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනානාන්දු ,ජානක වක්කුබුර ප්‍රසන්න රණවීර WD වීරසිංහ ඇතුලු මැති ඇමතිවරු රැසක් ඊට එක්ව සිටියහ.
මෙම තරගාවලිය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විස්තර විචාරයක්ද ඉදිරිපත් කරමින් පවත්වනු ලැබූ අතර නරඹන්නන් ලෙස සහභාගිවී සිටියේ සුළු පිරිසකි. 

මෙම තරගය ආවරණය කළ වීඩියෝ දෙකක් පහතින්



වීඩියෝ 1


වීඩියෝ 2