
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) සංවිධානය කර තිබූ විරෝධතාවය අතරතුර ගැටුමක් හටගත්තේය.''රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු , ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු'' යන මැයෙන් කොළඹ විශ්ව විද්‍යාලය අසළදී විරෝධතාවයට ප්‍රහාර එල්ල විය.
පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කොළඹ සරසවිය ඉදිරියේදී පොලීසියට සිසුන් ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබූ අතර
කෙසේ වෙතත් පොලිසිය සරසවි භූමියට ඇතුළු වීමෙන් වැළකී සිටියේය.
ඇතිවූ නොසන්සුන් තත්ත්වයේදී තුවාල ලැබූ තිදෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, මාධ්‍යවේදියෙක් හා පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති බව රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval