During-the-teachers-protest-a-parents-protest-in-the-fort-against-it

ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරිම මගින් මාරුවිම් අවලංගු කිරිමට විරුද්ධව ගුරු විදුහල්පති වෘත්තීය සමිති මගින් අද (22) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙන අතරවාරයේ, විරෝධතාවයට සහභාගි වී සිටින ගුරුවරුන්ට හා වෘත්තිය සමිති සාමාජිකයින්ට  විරුද්ධව පාසල් ළමයින්ගේ දෙමව්පියන් පිරිසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ස්ථාන දෙකකදි  විරෝධතාවයන් ආරම්භ කර ඇත.



මේ සදහා “දරුවන්ගේ අනාගතය උදෙසාවු සන්ධානය“ විසින්දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිමු යන මැයෙන් සහ පාසල් ළමුන්ගේ දෙමව්පියන් පිරිසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ස්ථාන දෙකකදි විරෝධතාවයන් පවත්වන ලදි.

අද (22) දිනයේදී විරෝධතාවයේ නිරත වන ගුරුවරුන්ට මුදල් අමාත්‍යංශය, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමෝදර යන ස්ථානවලට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝගයක් නිකුත් කළේය.

කොටුව පොලිසිය සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විරෝධතාකරුවන්ට මහජන පීඩාවක් සිදු නොවන ආකාරයෙන් උද්ඝෝෂයේ නිරත විය හැකි බවත් එසේ නොමැතිව කලහකාරී ලෙස අනීතිකව හැසිරුනහොත් පොලිස් බලතල සහ දණ්ඩ නිති සංග්‍රහයේ වගන්ති අනුව ක්‍රියා කරන ලෙසත්ය,

ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයේ සිට සී. ටී. ඕ. හන්දිය දක්වා ඕල්කට් මාවත, සී. ටී. ඕ. හන්දියේ සිට සෙරමික් හංදිය, එන්. එස්.ඒ. වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ග, යෝර්ක් වීදිය, බැංකු මාවත , බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලුමෝදර වට වටරවුමේ සිට එන්. එස්. ඒ. වටරවුම දක්වාත් වන සියලු මාර්ග අවහිර නොවන ලෙසට ක්‍රියා කරන ලෙස අධිකරණය විරෝධතාකරුවන්ට නියම කර ඇත.