The-Presidential-Palace-and-the-Presidential-Secretariat-are-near-ape-gama

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට යොදා ගැනීමට තීරණය කර ඇති බැවින් මේ දක්වා පවත්වාගිය ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය (පැරණි පාර්ලිමේන්තුව) වෙනත් ව්‍යාපෘති සඳහා යොදවන්නට රජය තීරණය කර තිබේ.


ඒ අනුව ජනාධිපති මන්දිරය හා ලේකම් කාර්යාලය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂිත ස්තානයකට ගෙනයාමට තීරණය වී ඇති අතර යෝජනාවී ඇත්තේ ගෝඨාභය රජය යටතේ රුපියල් කෝටි 30ක මුදලක් වැය කර සකස් කළ ජාතික සඳුන් උයන පිහිටි භූමියේ නව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිකිරීමටය. මෙය ‘අපේ ගම‘ ආසන්න අක්කර නවයක ඉඩමක පිහිටා ඇත.
මෙම භූමිය ඒ සඳහා යෙදවීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නිර්දේශ කර තිබෙන බවත් ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් සකස් කර වාර්තාවක් ලබාදෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.


එම භූමීයට ආසන්නයේ පිහිටි තවත් ඉඩමක් අගමැති කාර්යාලය, අගමැති නිල නිවස ඉදිකිරීමට ද  අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඉදිකිරීමටද යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර
මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණ අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායකට දැනුම් දී තිබේ.