11-cyclists-along-with-bikes-were-arrested-late-at-night-on-Highlevel-Road

වාහන ගමනාගමනයට බාධා වන අයුරින් රාත්‍රී කාලයේ යතුරුපැදි රේස් ගිය 11 දෙනෙකු යතුරු පැදි 11ක්ද සමග
අද (19) අලුයම 2.00ට පමණ හයිලෙවල් මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය හන්දියේ සිට ටන්කබෝඩ් හංදිය දක්වා තරගයට යතුරුපැදි ධාවනයේ යෙදී ඇත.


අධික ශබ්දය පිට වන ලෙස සැකසූ සයිලන්සර්, විවිධ වර්ගයේ නළා සහ විදුලි ලාම්පු සවි කර තිබූ යතුරු පැදි වලින් මින් ඉහතත් රේස් පැද්ද තරුණයින් මීට පෙර පොලිසිය සිදු කළ අවවාද නොතකා නැවත නැවත ඒ වරද සිදුකිරීම නිසා අත්අඩංගුවට පත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, ඇරැව්වල හා පිලියන්දල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි 18 – 30 අතර වයසේ පසුවන තරුණයින් එකොළොස් දෙනෙකු බව පොලිසිය පැවසීය.
 ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ගොස් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
තරගයට යතුරුපැදි ධාවනය  පිරිසක් මුදලට ඔට්ටු තබාකරමින් ගොස් ඇති බවට පොලිසිය සැකකරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (මාර්තු 19) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.