
ආශාවරි සංගීත කණ්ඩායමේ 'සුද්දි' නමින් හැදින්වෙන පාසල් යන වයසේ ඩ්‍රම්ස් වාදන ශිල්පිණියගේ මව සහ පියා ෆේස් බුක් ලයිව් විඩීයෝවක් හරහා ආශාවරී සංගීත කණ්ඩායමේ කෙරුවාව ගැන මෙසේ අදහස් දක්වා තිබෙනවා. එහිදී ඇයගේ පියා මෙසේ පැවසීය.
"මම කිව්වා නාලක සර්ට අවුරුද්දකට ෂෝ හතරක් ගහමු අපේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා, ළමයින්ට නිදි මරන්න ඕනේ නෑ, ස්කෝල් යන්න පුළුවන් පන්තියකට යන්න පුළුවන් කියලා. මම බොහෝ සේ කියලා තියෙනවා. දෙමාපියොත් ඔක්කොම දන්නවා.
දැන් මේකයි වෙලා තියෙන්නේ. මගේ දරුවා මගේ බෑන්ඩ් එකට දෙන්නෙ නෑ කියලා මම කියලා තියෙනවා. මගේ දරුවා ෂෝ දෙකක් ගහලා උදේ ගෙදර ඇවිල්ලා ඉස්කෝලෙත් යන්නේ දරුවට විභාගෙත් තියෙද්දී. විභාගෙට අකුරක්වත් බලලා නැ. බලන්න වෙලාවක් නැ. එයා ඩෙස් එකේ නිදාගෙන ඉඳ්දි ටීචර් අපිට කියනවා දරුවා ඩෙස් එකේ නිදි විභාගෙ ලියන්නෙ නෑ කියලා. මට සල්ලි වැදගත් නෑ මෙතන. දරුවා බෑන්ඩ් එකට එවන්නෑ කියල බ්ලැක් මේල් කරනවා මායි මගේ නෝනයි. මගෙ ලඟ දැනටත් රෙකෝඩින් තියෙනවා, ඕන්නම් දෙන්න පුළුවන්.
ගරු පොලිස්පතිතුමනි, මට මේකට විසඳුමක් ලබා දෙන්න. මේක මහා ලොකු ප්‍රශ්නයක් මගෙ දරුවට. මගේ දරුවටත් හෙට මොනවහරි මඩ ගහන්න පුළුවන්. එක දවසක් දාලා තිබ්බා දරුවා ප්‍රෙග්නට් නිසා ෂෝවලට එවන්නෙ නෑ කියලා. මම එව්වේ නැත්තේ මේ නාලකගෙ ගමන වෙනස් කරන්න ඕන හන්දා. මේ ළමයි ලව්වා හම්බ කරන එක නැති කරගන්න ඕන හන්දා. විශේෂයෙන් මගේ ගෑණු දරුවට, මම එයාට පණ ඇරලා ආදරෙයි."
Comments
Post a Comment
Your comment will be visible after approval